කොතෙක් ලදත් කොතෙක් තිබුණත් සෑහීමට පත් නො වී තව තවත් සොයන මහා ලෝභය මහිච්ඡතා නම් වේ. එය ද ගිහි පැවිදි කාහටත් ඇති වන ක්ලේශයෙකි. තමා ගේ ගුණ ප්‍රසිද්ධ කිරීමත්, එයින් කොතෙක් ප්‍රත්‍යය ලදත් සියල්ල පිළිගැනීමත්, පමණ ඉක්මවා ප්‍රත්‍යයන් පරිභෝග කිරීමත් මහිච්ඡතාව ඇති පැවිද්දාගේ ලක්‍ෂණයයි. තමාට ජීවත් වීමට සෑහෙන පමණ ධනය ඇතත් සෑහීමට පත් නොවී රෑ දාවල් දෙක්හි නැවතීමක් නැති ව දුක් විඳිමින් ධනය සැපයීමත්, පමණ ඉක්මවා පරිභෝජනය කිරීමත් ගිහියාගේ මහිච්ඡතා ලක්‍ෂණය ය.

ජීවත් වීමට සෑහෙන ධනය සපයා ගත් තැනැත්තා විසින් කළ යුත්තේ පරලොවටත් පිහිටවනු පිණිස කුශල ක්‍රියාවන්හි යෙදීමය. එහෙත් මහිච්ඡතාව ඇති පුද්ගලයාට එසේ නොකළ හැකි ය. ඔහු ගෙයක් තිබිය දී තවත් ගෙවල් සාදයි. ඉඩම් තිබිය දී තවත් ඉඩම් ගනී. කුඹුරු තිබිය දී තවත් කුඹුරු ගනී. වාහන තිබිය දී තවත් වාහන ගනී.

ලක්ෂයක් ඇති කල්හි තව ලක්ෂයක් සෙවීමට වෑයම් කරයි. කෝටියක් ඇති කල්හි තවත් කෝටියක් සෙවීමට වෑයම් කරයි. මේ මහිච්ඡතාව ඇතියහුගේ ස්වභාවයය. ඔහු කිසි කලෙක සෑහීමට පත් නොවේ. මැරෙන තුරු රැස් කරමින් සිට කිසි පිනක් නැතිව කලුරිය කොට ධනාශාවෙන් ප්‍රේතත්වයට හෝ පැමිණේ. තිරිසන් බවට හෝ නරකයට හෝ පැමිණේ. පරිභෝගය පිළිබඳ මහි විච්ඡතාව ඇතියෝ පමණ ඉක්මවා ලැබෙන සියල්ල කා බී රෝගීහු වෙති. සමහර විට එයින් මැරෙති.

මේ මහිච්ඡතාව භික්ෂූන්ට ඉතා අයෝග්‍ය ක්ලේශයකි. මහිච්ඡතාව ඇතියහු කොතෙක් දී ද තෘප්තියට නො පැමිණවිය හැකිය. එබැවින් මහිච්ඡතාව ඇති භික්ෂූන් කෙරෙහි දායකයෝ කලකිරෙති. කලකිරුණු දායකයෝ සමහර විට කලක් පවත්වා ගෙන ආ දීමනා දනවත්වති. දෙන්නට සිතා සිටි දෙය ද නො දී හරිති. මහිච්ඡතාව පිළිබඳ කථා දෙකක් විභංග අටුවාවෙහි දක්වා ඇත. ඒ කථා මෙසේ ය.


පිටියෙන් තනන එක්තරා කෑම ජාතියකට කැමති භික්ෂුවක් විය. ඔහුගේ මව වස් කාලයක් සමීපයේ දී මාගේ පුතා පිළිගැනීමේ පමණ දන්නේ නම් ඔහුට වස් තෙමස මුළුල්ලෙහි ම පිටියෙන් පු කතා දෙන්නට සිතුවාය. මව් තොමෝ වස් එළඹෙන දිනයෙහි භික්ෂුවට එක් පුවක් දුන්නී ය. ඉක්බිති අනිකක් දුන්නී ය. තුන්වෙනුව අනිකක් දුන්නීය. හික් ව එය අනුභව කෙළේය. භික්ෂව එයත් අනුභව කෙළේ ය. භික්ෂුව එයත් පිළිගෙන අනුභව දෙමිය, මොහු කෙළේ ය. ඔහු තොමෝ මොහු සෑහීමට පත් කළ හැකියක් නොවේ. ය. මොහුට ඇති වන සැටියට පු තනා දීම කළ හැකි යයි සිතා ගත්තාය. ඉන් පසු වැඩක් නොවේය. මින් පසු මොහුට පු තනා නො කෙමසට මකන පුඅදම කෑයේ ඒ භික්ෂුවට පිටි කෑම තනා දීම නො කළේය. මේ කථාවෙන් දැක්වෙන්නේ සෙස්සන්ට තබා වැදූ මවට ද පුද්ගලයා අප්‍රිය වන බවය. මහිච්ඡතාව ඇති

තිස්ස නමැති රජතුමා සෑගිරියේ වෙසෙන සංඝයා හට දිනපතා මහා දානයක් දෙමින් සිටියේ ය. දිනක් ජනපද වැසියෝ “මහරජ කුමක් නිසා එක් තැනකට ම දන් දෙන්නෙහි ද? අනික් විහාරවල භික්ෂූන්ට නොදිය යුතු දැයි'' යි කීහ. රජතුමා පසුදින අනුරාධපුරයේ මහා දානයක් පිළියෙල කරවා භික්ෂූන්ට දුන්නේය. පිළිගැනීමේ පමණ දන්නා එක් භික්ෂුවකුදු ඒ දානයට පැමිණියේ ය. එක් එක් භික්ෂුවක් පිළිගත් බත් හා කැවිලි දෙතුන් දෙනකු නැතිව ගෙන යා නො හැකි තරම් විය. රජතුමා පසුදින සෑගිරියේ සංඝයාට ආරාධනා කරවා දන් දුන්නේ ය. රජතුමා භික්ෂූන් ගෙන් පාත්‍ර ඉල්ලීය. සෑහෙන පමණට අපි පිළිගනිමු ය කියා එක් භික්ෂුවකුදු පාත්‍ර නුදුන්නෝ ය. ඒ භික්ෂූහු තමන්ට යැපීමට පමණට ආහාර පිළිගත්හ. ඉතිරි වී අහක යන ලෙස බොහෝ ආහාර නොපිළිගත්හ. පිළිගත් ආහාර වලට වඩා ආහාර ඉතිරි වී තිබිණ. රජතුමා භික්ෂූන් වැසියන් කැඳවා “බලව්, ඊයේ දානයේ දී කිසිවක් ඉතිරි නොවීය. අද ඉතිරි ආහාර බොහෝ ය. භික්ෂූන් පිළිගත් ආහාර මඳය” යි පිළිගැනීමේ පමණ නොදත් භික්ෂූන් ගැන අප්‍රසාදය පළ කෙළේය. එයින් රජු සෑගිරියේ භික්ෂූන්ට දිගට ම දන් දුන්නේය. පිළිගැනීමේ පමණ නො දත් භික්ෂූන්ට දන් දීම එක් දිනකින්ම අවසන් විය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි විසින් රචිත කෙලෙස් එක්දහස් පන්සියය පොතෙන් උපුටා ගන්නා ලදී.