මහාදේව උපාසකයාගේ කථාව
හෙළදිව අජිතා? ගමෙහි සාධු සම්මත වූ මහාදේව නම් උපාසකයෙක් වසයි. හෙතෙම හැමකල්හි * පූර්වාන්ත අපරාන්ත නම් ශස්‍යයන් කරවයි. ගැල් දහසක් බරැති ධාත්‍ය ඔහුට ලැබේ. හෙතෙම එක් දිනක් උදෑසනම නැගිට කර්මාන්ත බැලීමට ගොස් ඒවා නියම කොට ගමට හැරී එන්නේ අහසින් ආ රහත් භික්ෂුන් අටනමක් දැක සැඟවී සිට ඔවුන් ගැන පරීක්ෂා කෙළේය.
අහසින් බැස්ස ඒ තෙරහු සිවුරු පොරවා පාත්‍ර අතින් ගෙන පිණ්ඩපාතයේ යාමට නික්මුණාහ. උපාසකයා වහා ගෙට ගොස් ''මේ ආගන්තුක භික්ෂූන්ට දානය සම්පාදනය කරව'' යි බිරියට කීය. ඕතොමෝ යහපතැයි කියා කැඳ ද ව්‍යඤජන සහිත බත් ද වහා පිළියෙළ කළාය. ආචාර ගෝචර දත් සන්හුන් ඉඳුරන් ඇති ඒ බුද්ධ පුත්‍රයෝ ගෙපිළිවෙලින් හැසිර ගමෙන් නික්මුණාහ.
මහාදේව උපාසක තෙමේ පස්සෙන් අවුත් ඒ අටනමගේ පාත්‍ර රැගෙන ඒ භික්ෂූන් ස්වකීය ගෙට පැමිණ විය. ඒ සියලු දෙන ගෙට පැමිණ පිළිවෙළින් හුන්කල්හි උපාසකයා යෝග්‍ය ආහාර වැලඳවීය. භික්ෂූන් වලඳන අතරෙහි උපාසකයා ඒ අටනම නිත්‍යයෙන් තමාගේ ගෙයි දන් පිළිගන්නන් සේ ලියවා තබා භෝජනාවසානයෙහි මෙසේ කීය: ඔබ අටනම යම් විහාරයක වසන්නාහු නම් ඒ විහාරයේ සංඝයාට භික්ෂා අටක් දෙන්නෙමියි.
ඔවුහු ඒ තුණ්ඩුව ගෙන ගමින් නික්ම අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයෙහි බැස්සාහ. සංඝයාට දෙන ලද ඒ සීට්ටු සංඝයා විසින් වැඩිමහලු පිළිවෙළින් දිනපතා බෙදාදෙන ලදී. එබැවින් රහත් අට නමක් සැමදා මහාදේව උපාසකයාට අනුකම්පා පිණිස අහසින් වඩිති. ඉක්බිති තුටු පහටු සිතැති මහාදේව තෙමේ උන්වහන්සේ වෙත එළඹ වැඳගෙන මෙසේ කීය: පක්ෂයේ පස්වෙනි දිනයෙහි දන්
(පුවාන්න නම් ඇල් වී අමු මෙනේරි ආදියයි. අපරාන්ත නම් මුං මෑ ආදි ඇට වර්ගයි.)
ලබා ගන්නා භික්ෂූහු සොළොස්නමක් වෙත්වා ඉතිරි දිනවල අටනමක්ම වෙත්වායි. මෙසේ දෙන්නා වූ ඕ හට දොළොස් අවුරුද්දක් ගත විය. ඒ කාලය තුළ කොපමණ භික්ෂු සංඛ්‍යාවකට දන් දුන්නේද යත්? සතළිස් සතර දහස් හයසිය හතළිහක් විය.
මෙසේ පින් කොටත් තෘප්තියට නොපැමිණ ඒ දානපති උපාසකයා නැවත මෙසේ සිතී : ''රන්වන් වූ බුදුරදුන්ට මම රන් කරඬුවක් සාදවන්නෙමි. එය සඳහා සුවර්ණ භූමියට ගොස් රන්ගෙන එන්නෙමි'යි අටවක් දිනයක රහතන් වහන්සේට වස්ත්‍ර සහිත දානයක් දී සතුටු සිතැතිව මුදු ගමනට පිටත් විය. ඔහු ගිය නැව මුදේදී කැඩී ගිය බැවින් එහි සිටි හැමදෙන මළහ. උපාසකයා තනිවම මුදේ පාවිය.
කුටුම් බිය පුත්ත තිස්ස තෙරනම වප් පසළොස්වක්දා වස් පවාරණය සඳහා වැඩ හුන්නේ මෙසේ කීය: ඇවැත්නි, දේව උපාසකයා මූදේ පාවෙයි. ඔහු දියෙන් ඔසවා මා වෙත ගෙන ආ මැනවැ '' යි. උන්වහන්සේගේ කීම අසා භික්ෂු දෙනමක් අහසින් ගොස් ඔහු ඔස්වාගෙන විහාරස්ථානයට පැමිණියහ. ඒ උපාස්කයා ඉදල් තබන ශාලාවෙහි නැවැත්තුහ. ශක්‍ර දේවේන්ද්‍රයා ද පවාරණ දිනයෙහි එහි පැමිණ සෑගෙට ඇතුල්ව වඳින්නේ නම ලියූ කොඩියක් එහි එල්ලා තිබෙනු දැක බලවත් පැහැදීම ඇතිව තෙරනමකගෙන් මෙසේ විචාළේය:
" නම් ලියූ යම් මේ කොඩි වෙත් නම් ඒ අතරෙහි වූ මහාදේව නමැත්තා කොහි වෙසේද '' තෙරනම මූද මැද පාවෙමින් සිටි ඔහු භික්ෂූහු ගෙනැවිත් මෙහි ඉදල් ගලෙහි තැබූහ. හෙතෙම එහි ඇතැයි කීය. ඉක්බිති දෙව්රජ කුවේරයා අමතා ඒ උපාසකයා ඔසවාගෙන මා සමීපයට එවයි කීය. කීකරු වූ කුවේර තෙමේ ඔහු වඩාගෙන දේවේන්ද්‍රයා සමීපයට ආවේය. දේවෙන්ද්‍ර තෙම දේව උපාසකයා දැක තමාගේ අස්නෙහිම ඉන්ට සලස්වා සිදු වූ ප්‍රවෘත්ති විචාළේය. දෙව්රජු විසින් විචාරන ලද දේව තෙමේ සියලු පුවත් කීය. එය අසා සතුටු වූ ඉන්ද්‍ර තෙමේ මෙසේ කීය.
" තා විසින් යම් කුශල කර්මයක් කරන ලද නම්, යමක් අනාගතයෙහි කරන්නෙහි නම්, මට ඒ පිනින් කොටසක් දෙව. මම ඔබට වතාවත් කරන්නෙමි''. දේවරාජයෙනි ඔබටත් අන්ද්‍රාණින්ටත් මා විසින් පින් කොටස් දෙන ලදී. ඒ අසුරයෝද මිනිස්සු ද අපායෙන් මිදෙත්වා. " එසේ නම් මහාදේවයෙනි, මේ ලබුගෙඩි තුන ගත මැනවි. ඒවා කපා ඕනෑ දේ ලබාගත මැනවි. අපි දෙව්ලොවට යමු " යි දේවේන්ද්‍රයා කීය.
ඇසිපිය හෙළන පමණ කාලයකින් ඒ ලබුගෙඩි ඔහුගේ ගෙට පැමිණියහ. එහි තැබූ ලබුගෙඩි තුණෙන් ධන තුනක් නික්මියහ. ඒ ලබුගෙඩි තුන දරණ භාජන තුනක තැබූ විට එයින් මිනිස් ප්‍රමාණ තුනක් පමණ ගැඹුරු වූ හැළි තුනක් පහළ වුහ. ඉන් එකක් රනින් පිරුණි, එකක් කහවණු වලින් පිරුණි, අනික සුවඳ හැල්වලින් පිරුණි. ක්ෂය නොවන්නා වූ අපරිමිත ධනයක් විය. " මහාදේවය, කැමති පරිද්දෙන් මේ ධනය අනුන්ට දෙව, තමාත් අනුභව කරව; තාගේ ජීවිතාන්තය දක්වා මේ ධනය ක්ෂය නොවන්නේය '' යි කී ශක්‍ර දේවේන්ද්‍රයා සාංදෘෂ්ටික දාන ඵලය* ප්‍රකාශ කොට දෙව්ලොවට ගියේය. මෙසේ කුශලයෙහි ආශා ඇති සතුටු එලවන සිත් ඇති පුද්ගලයා මිනිසුන්ට හා දෙවියන්ට ප්‍රිය වේ. ධර්ම ප්‍රීති ඇත්තාටද ප්‍රිය වේ. හෙතෙම එතැන් පටන් මහා දානපතියෙක් වී සත්වරක් සියලු සංඝයාට තුන් සිවුරු දුණි. චුල්ල උපාසකයාගේ කථාව මෙන් විස්තර කළ යුතු