මහා කස්සප තෙරුන්ගේ කථා වස්තුව

"රහතන් වහන්සේලා කිසිවකටත් නොඇලෙති...”

පින්වතුනේ, පින්වත් දරුවනේ. ඔයාලා මහා කස්සප මහ රහතන් වහන්සේ ගැන කලින් ධම්මපද කථා වලදී අහලා ඇති නේද? මහා කස්සප මහ රහතන් වහන්සේටත් ඉතාම ලස්සන රූප සෝභාවක් තිබුණා. සමහරු රැවටුණා බුදුරජාණන් වහන්සේ වත් ද කියලා. එතරම්ම ලස්සනයි. මහා කස්සප මහරහතන් වහන්සේට දෙවිවරු හරි ආදරෙයි. දායක පිරිසත් හරිම ආදරෙයි.

එක වස්සාන සමයක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වස් වැසුවා. වස් කාලයෙන් පස්සේ බුදුන් ප්රපමුඛ මහ සඟරුවන චාරිකාවේ වඩින්න සූදානම් වුණා. චාරිකාවේ වඩිනු කැමති භික්ෂූන් වහන්සේලා පාත්රහ පිළියෙල කිරිම. සිවුරු පඬු ගැසීම වැනි දේවල්වල යෙදුනේ චාරිකාවේදී පහසුව පිණිසයි.

ඉතින් භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ පාසිවුරු පිළියෙල කරද්දි මහා කස්සප මහරහතන් වහන්සේත් තමන් වහන්සේගේ පාංශුකූල චීවරයට පඬු ගැසීම් ආදිය කළා. එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම කතා වුණා.

අන්න බලන්න ඇවැත්නි, ආ......ආ... මහා කස්සපයන් වහන්සේත් සිවුරු සෝදනවා. ඒ අසවල් දේකටද? මේ නගරයේ වාසය කරන දහ අට කෝටියක් මිනිසුන්ගෙන් යමෙක් උන්වහන්සේගේ නෑදෑයන් නොවෙත්ද ඒ අය දායකයෝ. යමෙක් දායකයන් නොවෙත්ද ඒ අය නෑදෑයෝ.....අසවල් දෙයක් නම් අඩුපාඩුද? උන්දැලා සිව්පසයෙන් පුදන්න සූදානමින්ම නෙව ඉන්නේ... ඒ නිසා මහා කස්සපයන් වහන්සේ ඔය සිවුරු සෝදන්නේ අපට පේන්න විතරයි ! උන්වහන්සේ කොහෙද රජගහ නුවර දාලා වඩින්නේ...අනික වඩින්න ඕනම නම් සිවුරු හෝදන දිය ඇළෙන් එහාට නම් වඩින එකක් නෑ.භික්ෂූන් වහන්සේලා අතර මෙවැනි කතා බහ පැතිරෙද්දී භාග්යදවතුන් වහන්සේ මේ විදිහට කල්පනා කරමින් හිටියා.

මේ නගරයේ කෝටි ගණනක් සැදැහැවතුන් ඉන්නවා. ඔවුන් මංගල අවමංගල හැම කටයුත්තේදීම භික්ෂූන් වහන්සේ නමක් මුල් කරගන්නවා. ඉතින් එහෙම එකේ සියලුම භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වැඩියොත් ඒක හරි නෑ....මේ සියලු දේටම පිරිමැහෙන්න රජගහ නුවර නවතා යන්න සුදුසු භික්ෂුව කව්ද....? මහා කස්සප තමයි හොඳ. මහා කස්සපයන්ට සැදැහැවතුන් හරි ආදරෙයි නෙව.'ඉතින් භාග්යවවතුන් වහන්සේ මහා කස්සපයන් කැඳවා මෙසේ වදාළා.

පින්වත් කස්සප, මේ රජගහ නුවර මිනිසුන් තාමත්ම සැදැහැවත්. භික්ෂු සංඝයා දැකීම පවා මංගල කාරණයක් හැටියටයි සලකන්නේ. හිමිදිරි උදෑසන භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනවා දැකීමත් මංගල කාරණයක් හැටියටයි සලකන්නේ. එ නිසා මේ ඇත්තන්ගේ සැදැහැ සිත රැකෙන අයුරින් කටයුතු කළ හැකි සුදුසු භික්ෂුවක් නැවතුනොත් හොඳයි කියලයි මා කියන්නේ. එනිසා කස්සප නවතින්න.... අනිත් සඟ පිරිස චාරිකාවේ වඩින්න. "

"එසේය. ස්වාමිනී" කියලා මහා කස්සපයන් වහන්සේ වේළුවනාරාමයේ නැවතුනා. චාරිකාවට පිටත් වෙන්න සුදානම් වෙන භික්ෂූන් වහන්සේලා අතර කසුකුසුවක් හට ගත්තා.

"අපි කිවුවෙ.....දැක්ක නේද...? මං නං දැනගෙන හිටියා ඕක... මහා කස්සපයන් වහන්සේ අසවල් දේකට නම් සිවුරු හෝදන්නද? උන්වහන්සේට මොනවායින් අඩුද? අපි වේලාසනින්ම ඔය කාරණය දැනගෙන හිටියා. සිවුරු හේදුවා කියලා අපි රැවටෙයි එහෙනම් ...''

මෙ කරුණ බුදුරජාණන් වහන්සේට සැලවුණා.

"හා.... හා...! පින්වත් මහණෙනි, මාගේ පුත්රි වූ මහා කස්සපයන්ට නම් මොකවත් කියන්න එපා..! කිසි දවසක දායක ගෙවල් වලින් ලැබෙන සත්කාර, සම්මාන වලට කස් සපයන්ගේ සිත ඇලුනෙ නෑ.... මහා කස්සපයන්ට නවතින්න කිව්වෙ මමයි!

පින්වත් මහණෙනි, මහා කස්සපයන් පුන් සඳක් වගේ. අහසේ පායන පුන්සඳ හැමදාම අලුත්. හැමදාම වෙනස්, මහා කස්සප හැමදාම අලුත් සිතින්මයි පිඬුසිඟා වඩින්නේ. අලුතින්ම ආගන්තුක නමක් පිඬු සිඟා වඩිනවා වගෙයි . ඊයෙ කතා බහ කළ දායකයින්ට අද ඇලෙන්නේ නෑ. අද කතා බහ කළ දායකයින්ට හෙට ඇලෙන්නෙ නෑ. හැමදාම කස්සපයන් අලුත්! පුන්සඳක් වගෙයි...

ඒ වගේම පින්වත් මහණෙනි, මහා කස්සපයන් මානස විලේ ඉන්න සුදු හංස රාජයෙක් වගේ. නිදහස් සිතින් කිසි බලාපොරොත්තුවක් නැතුව ආයෙමත් එන අදහසක් නැතුව තමයි සුදු හංස රාජයා විල අත්හැර පියාඹා යන්නේ. මහා කස්සපත් එහෙම තමයි. එක තැනකින් තව තැනකට යන්නේ හංසයෙක් යනවා වගේ."

ඉන්පසු භාග්යකවතුන් වහන්සේ මිහිරි ස්වරයෙන් මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ මතුවෙන මෙම ගාථාව වදාළා.

උය්යුංවඤ්ජන්ති සතීමන්තෝ න නිකේතේ රමන්ති තේ හංසා'ව පල්ලලං හිත්වා ඕකමෝකං ජහන්ති තේ

පන්සල් දායකයින් සිව්පසයට රහතුන් නොඇලී සිටිනවමයි

සිහි නුවණින් යුතු රහතුන් හැම විට ඇලී වසන්නේ දහමටමයි විලේ සිටින හංසයා ද එලෙසට විල අත්හරිමින් යනවාමයි එලෙසින් රහතුන් ලොව ඇති කෙලෙසුන් සියල්ල අත්හැර යනවාමයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, සාමාන්යහ උදවිය හැම දේටම අහුවෙන්නේ ඇම ගිලින මාළුවන් වගේ. කෙනෙක් හිනාවුනත් රැවටෙනවා කතා කළත් රැවටෙනවා. සැලකුවත් රැවටෙනවා. ඊට පස්සේ ඒ ඒ තැනට ඇලෙනවා. ඊට පස්සේ ඇල්ම අත්හැර ගන්න බැරිව විඳවනවා. ප්රිනයයන්ගෙන් වෙන්වීම දුකයි කිය කියා එයටම ඇලුම් කරනවා.

නමුත් රහතන් වහන්සේලා කොයි තරම් වෙනස්ද? උන්වහන්සේලාගේ සිත නෙළුම් කොළයට වැටුණු දිය බිංදුවක් වගේ. නොළුම් කොළය ඇල කරද්දි ඒ දිය බිඳුව රූරා බිම වැටෙනවා. රැඳෙන්නෙ නෑ. රහතන් වහන්සේගේ සිතත් ඒ වගේ තමයි. කිසි අරමුණක රැඳෙන්නෙ නෑ. අරමුණත් ඒ සිතේ රැඳෙන්නෙ නෑ. නිදහස්! හැබෑවටම නිදහස් ! අපි සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝෑ කියමින් භාග්ය වතුන් වහන්සේගේ ශ්රා්වක සංඝ රත්නය වන්දනා කරද්දී ඒකාන්තයෙන්ම මහා කස්සප මහ රහතන් වහන්සේටත් ඒ වැඳුම් ලැබෙනවා. එවැනි උතුමන් සිහිකරමින් වන්දනා කරන්නට ලැබීම අප ලද වාසනාවක් නොවේ ද ?