තම්බසුමන තෙරුන්ගේ කථාව
සජ්ජනයන්ට වාසස්ථාන වූ උතුම් අනුරාධපුරයෙහි ලෝකුරු වැඩෙහි දක්ෂ වූ ප්‍රකට කම්කරුවෙක් විය.අන්‍ය කම්කරුවෙක් එක් දිනක් මේ දක්ෂ ලෝකුරුවාට තෑගි වශයෙන් ගිතෙල් භාජනයක් ද ඇල්හාල් මුට්ටියක් ද ගෙනාවේය.
ඒ දෙක බාරගත් ඒ කම්කරුවා ආසන ශාලාවට ගොස් සංඝික කොට ඒවා පූජා කෙළේය.ඒ භවයෙන් ව්‍යුත වූ හෙතෙම ඒ ගමේ ධනවත් පවුලක ඉපද තරුණ බවට පත් විය. හෙතෙම තමාගේ හිසකෙස් පැසීම දැක සංවේගයට පත්ව සස්නෙහි පැවිදිව නොබෝ කලකින් රහත් නමක් විය.
ඉන්පසු පන්සියයක් ශිෂ්‍ය භික්ෂූන් සමග ආරණ්‍ය ගත විය.ශීල සම්පන්න වූ අල්පේච්ඡ වූ අවවාදයෙන් අන්‍යයන් හික්ම වන්නෙක් වූ ඒ තෙරනම තම්බසුමන ස්ථවිර යයි හෙළදිව ප්‍රකට විය.එක්භික්ෂාදානයක විපාක වශයෙන් වන වැසි දෙවියෝ සාරසියය පන්සියය බැගිනුත් ඒ තෙරුන්ට උපස්ථාන සඳහා පැමිණෙති.
එක් දිනක් ඒ තෙරනම ගමට පිඬු පිණිස යන්නේ මද පින් ඇති මන්දායුෂ්ක වූ හෙවත් ජීවත්වීමට එක් දිනක් පමණක් ඉතිරිව ඇති ගොවියකු දුටුවේය. දුක ඔහුට අනුකම්පවෙන් සහල සිවුර පොරවාගෙන ඔහු ඉදිරියෙහි වැඩ සිටියේය. ඒ මිනිසා තෙරුන් දැක සතුටුව ඇවිත් වැඳ වස්තු ජෝඩුවක් ගෙනවුත් වැඩහිඳීම සඳහා දැමීය.
තෙරනම ඔහුට අනුකම්පා පිණිස ඒ ආසනයෙහි වැඩ හිදගෙන ඔහු දුන් අඹකැඳ වැලදීය. ඒ කැඳ වලඳන කල්හි ඒ මිනිසා අත්තක් කඩා ගෙනවුත් තෙරුන්ට අව්ව වැලකීම සඳහා එය අල්වාගෙන සිරියේය. කෙරනම කැඳ වලඳා ගිය නොබෝ වේලාවකින් සර්පයකු විසින් දෂ්ට කරන ලද ඒ මිනිසා මිය ගියේය.එසේ මිය ගිය ඒ මිනිසා (දඹදිව) සාතවාහන රජ කුලයෙහි ඉපද දර්ශනීය අගපසගින් යුත් සිත්කලු කුමරෙක් විය.
ඉපදීමෙන් පසු පස්වෙනි දිනයෙහි ඔවුහු භික්ෂුසංඝයාට ආරාධනා කොට දන් දුන්හ. තම්බසුමන තෙරනම එය දිවැසින් දැක අහසින් ගොස් ඒ සංඝාරාමයට පිවිස සංඝස්ථර වී භික්ෂූන් සමග ඒ රජගෙට ගොස් දන් වලඳා අනුමෝදනා කොට අවසන්හි මෙසේ කීයා '' මේ තෙමේ පෙර ජාතියෙහි මට හිඳීමට වස්ත්‍ර යුග්මයක් දුණි, මට අඹ කැඳක් ද දුන්නේය " යි.
මෙයසා නොසතුටු සිතැති රජ ස්වාමීනි මේ මංගල අවස්ථාවෙහි කුමක් හෙයින් නින්දා සහගත වචන කියන්නහුද යි ඇසීය. පරසිත් දන්නා තෙරනම රජුගේ සිත නොසතුටු වූ බව දන පෙර ජාතියේ විස්තර කියා දී ඔහුගේ සිත පැහැදවීය.මහරජ, යම් තැනක ස්වල්ප දෙයක් දී මහත් ඵල ලබන්නේ නම් ඒ සර්වඥශාසනයෙහි පහදිනු මැනවි පහන් සිතැති රජ ඒ ධර්මදේශනාව අසා එතැනම හිඳගෙන ප්‍රථම ඵලය ලැබීය.
සාතවාහන රජ තමාගේ පූර්වකර්මය දතෙරුන්ගෙන් අසා දැනගෙන වැඩි වැඩියෙන් දානපතියෙක් විය.රජුට මෙසේ දන්වා දහම් දෙසා ධර්ම ප්‍රීතිය ප්‍රිය කොට ඇති තෙර නම අහසින් හැරී ආවේය. සාතවාහන කුලයෙහි රජවරු සතිස් දෙනෙක් වූහ. එයින් අට දෙනෙක් පෘථග්ජනයෝ වූහ. සෙසු සියල්ලෝ මාර්ගඵල ලැබුවෝය.