කොන්තිපුත්ත තෙරුන්ගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. මනාසේ කළ පිනැති, සත්පුරුෂයන් විසින් සේවිත වූ ධාර්මික වූ අශෝක නම් රජතුමෙක් විය. ඒ රජුගේ වනචරකයෝ සතර දෙනෙක් රජුගේ පිනින් වනයෙහි හටගත් දේ සොයමින් ඇවිදිති. එයින් එක් මිනිසෙක් මං මුළා වී ගොස් හිමවත් පෙදෙසෙහි අමනුෂ්‍යාධිගෘහිත වූ කාන්තාරයකට පිවිසියේය. බොහෝ මල් වර්ග හා ගෙඩි වර්ග ඇති චණ්ඩ මෘග බහුල වූ ඒ වනයෙහි එක්තරා තවුසෙක් මුල් ගෙඩි ආදිය ආහාර කොට ගෙන වාසය කරයි. ඒ වනචරකයා තාපසයා දැක ඔහු වෙත පැමිණ වැඳ සිටියේය. තාපසයා තොරතුරු විචාරා අල - කොල - ගෙඩි ආදිය කෑමට දී තමාගේ ගිනිහල් ගෙය ඔහුට විසීමට දුණි. රැය පහන් වූ විට අල - ගෙඩි සෙවීමට යන තාපසයා ඒ මිනිසා අමතා පුත්‍රය, මෙහිම සිටුව, උකටලී නොවෙව, අර පෙනෙන විල දෙසට නොයව, ගිය හොත් දුකට පැමිණෙන්නෙහි යි කීය. ඒ මිනිසා '' ස්වාමීනි, මම මෙහිම සිටිමි. ඔබගේ අනුශාසනාව පිළිපදිමි. මට පිහිට ඔබමය. ඒ විලට මම නොයන්නෙමි" යි කීය.

තාපසයා හැමදාම ඔහුට එසේ අවවාද කොට ගියේය. වනචරකයාට එක් දිනක් මෙවැනි සිතක් පහළ විය. "මේ තාපස තෙමේ හැමදාම මට මෙසේ අවවාද කරයි. එසේ කියන්නේ කුමක් හෙයින්දැයි මම එහි ගොස් විමසන්නෙමි" යි. එක් දිනක් එහි ගොස් සැඟවී බලා සිටියේය. ඒ විල සතරැස් වූ මනා තොටවල් ඇති, බැසීමට තරප්පු අති මඩ නැති, නිර්මල දියෙන් පිරුණු, මී අඹ - මුණ මල් - නාමල් - මදටියමල් - නෙල්ලි මල් ආදියෙන් හා දියෙහි හටගන්නා මල් වලින් ද ගැවසී ගත් සුවඳ සුණු දැමූ සිහිල් දියැති එකක් බව ඔහුට පෙනුණි. එහි දේවකන්‍යාවන් සමාන වූ

(මෙහි කාන්තාරකයි කියන ලද්දේ ගස් ආදිය නැති වැලි කතරකට නොවේ. චාලතාක්කාරයයි කියනු ලබන චණ්ඩමාගයන් ඇති පෙදෙස විය යුතුයි.)

කිදුරඟනෝ ජල ක්‍රීඩා කළහ. ඒ කිඳුරියන් දුටු හෙතෙම කාමයෙන් මත් වූයේ තමා සනසාගත නොහැකිව ගිනිහල් ගෙට පිවිස රාග වේගයෙන් කම්පවෙමින් මුසපත් වෙමින් කෑමද නොකා ඇඳෙහි වැතිර හුන්නේය. තාපසයා වනයෙන් අවුත් ගිනිහල් ගෙට සුවිස මෙසේ කීය.පුත්‍රය. නැගිටුව; කුමක් හෙයින් නිදන්නෙහිද? මම වනයෙන් හැරී ආවෙමි; අල ගෙඩි ආදිය අනුභව කොට සිහිල් ජලය බොව" වනචරකයා ''මම ආහාර අනුභව මාන කරමි, පැන් නොබොමි, මාගේ අවයවයෝ දවෙත්, ඇතුළත වියලේ' යයි කීය.කුමක් නිසා තාගේ අවයව දවෙත්ද? කුමක් නිසා තාගේ අවයව දැවෙත්ද? කුමක් නිසා ඇතුළත වේලේද? සොරෙක් තට හිරිහැර කෙළේද? එය මට කියවයි තාපසයා කීය.

වනචරකයා මෙසේ කියයි. " යම් හුලක් ඇනීමෙන් ඊශ්වරයාත් ශක්‍ර දේවෙන්ද්‍රයාත් පීඩාවට පත්වූවාහුද දැවුනාහුද ඒ හුලෙන් මමත් විඳිනු ලැබීමි. එය මාගේ හෘදය වෙත පැමිණියේය. ඒ හුල උදුරා මාගේ ජීවිතය බේරා දෙනු මැනව''. පුත්‍රය, තට වැදුණු හුල කුමක්දැයි මම දනිමි. අර විලට ගොස් තෝ කිඳුරියන් බැලුවෙහි.පුත්‍රය, චංචල සිතැති මිනිසකු විසින් ඒ කිඳුරියෝ නොදැක්ක යුත්තාහ. ඈලා මනා රූ ඇත්තියෝය. දාර්ශනික, ඇස් මුළා කරන්නාහ.ඈලාගේ ඇස් දික්වෙති. සික් පැහැර ගන්නාහු වෙති. බැමද බොටුව ද නාසිකාව ද දත් ද‍ාල්ද ඉතා හොබනාහුය.හිස්වල නිල් හිස කෙස්ද ළ පැතිවල තන ද ඇත්තාහ. පුලුළුකුල් ඇත්තාහ. සිහින් ඉඟටි ඇත්තහ,සුදු පැහැය ඇත්තාහ, අබරණින් සැරසුනාහ. සියුම් වස්ත්‍ර ඇඳ විසිතුරු මල්දම් දරන්නියෝය.ඇතැම් සිරියෝ ගායනා කෙරෙත්, තවත් කෙනෙක් නටත්, තාලම් වසත් අතින් ශබ්ද නගත්.මෙසේ සුවසේ වැඩුණු කිඳුරගනන් අහසින් ගමන් කරන බැවින් මිනිසුන් විසින් අල්වා ගැනීම අකසය,ඉදින් මිනිසුන් හා අසමාන වූ ඈලා ලැබිය හැකි තාම් ඇලා දේව කන්‍යාවන් මෙන් මෘදු ඉඟටි ඇත්තියෝය.

ඒ කිඳුරියන්ගේ ශරීර ස්පර්ශය ඉඹුල් පුලුන් හෝ කපු පුලුන් මෙන් මනෝඥය. තාගේ ශරීර ස්පර්ශය ඌරෙකුගේ මෙන් කර්කශය, තෝ විරූප වූ අමනුෂ්‍යයකු මෙනි. එබැවින් කිඳුරියන් නො පතව.

වනචරකයා මෙසේ කීය පියාණෙනි. මම කිඳුරියන් පතමි; මට උපායක් කිව මැනවි. එය ඉගෙන මම කිඳුරියක් අල්වා ගන්නෙමියි. තාපස තෙමේ"ඉදින් සියල්ල හොඳින් අසා ගන්නෙහි නම් තට උපායක් කියමි. එය ඉගෙන ඒ විල කරා යව. එහි පැමිණෙන කිඳුරියෝ තමන්ගේ ඇඳුම් ගලවා තබා ඒ විලට බසිති. එසේ තැබූ ඇඳුම් අතරෙන් එකක් පැහැර ගනුව. යම් විටක ඒ ඇඳුම නැති කිඳුරිය හැර දමා ඉතිරි කිඳුරියෝ විලෙන් ගොඩට ඇවිත් පලා යන්නාහු නම් ඈලා මැද සිටි ඒ ඇඳුම නැති කිඳුරිය අතින් අල්වා ගෙන තාගේ වස්ත්‍රයක් දී කැඳවාගෙන යව '' යි කීය.

හෙතෙම යහපතැයි කියා සතුටු වී පසුදා එළිය වැටුණු පසු අස්නෙන් නැගිට සතළිස් රියනක් පමණ ගැඹුරැති විලට ගොස් එක් පසෙක සැඟවී සිටියේය. එකල්හි ඒ කිඳුරියෝ අහසින් අවුත් ඇඳුම් ලිහා තබා විලට බැස්සාහ. ඔවුන් විලෙහි ක්‍රීඩා කරන කල්හි වනචරකයා දුටු කිඳුරියෝ තම තමන්ගේ ඇඳුම් රැගෙන අහසට නැගී ගියහ. යම් කිඳුරියකගේ ඇඳුම ඔහු විසින් ගන්නා ලද්දේ නම් ඒ කොන්තිකින්නරිය ලැජ්ජාව නිසා ගොඩට නෑවිත් ජලයෙහිම සිටියාය. ඒ මිනිසා ඈට තමාගේ වස්ත්‍රය දී අතින් අල්වා ගෙන තාපසයාගේ ආශ්‍රමයට ගියේය. ඔවුන් දුටු තවුස් තෙමේ මෙසේ කීය: " පුත්‍රය, භාර්යාවක් සහිත වූවහුගේ මෙහි විසීම නොවටී, මම තට මාර්ගය පෙන්වමි, සැපසේ යනු මැනවි''.

( මේ ඇඳුමට "පොත්ථි" යයි නමක් පෙනේ. එය ගවොමක් වැනි එකතැයි සිතිය හැක. ඔවුන් අහසින් යන්නේ ඒ ඇඳුමේ බලයෙනි. ථෙරිගාථාවන්හි ''නිබීප සොන්ක්‍රී ව ඝටික ව" යන්නක් පෙනේ. එහි පොන්ති යයි. කීවේ හිඟන්නාගේ ඉන කඩයි. එයක් ”ඉපෘෂ්ඨ” විය යුතුදැයි නොදනිමි මෙහි නම් පොයි යන්න කීප තැනකම තිබේ.)

මෙසේ කී තාපසයා ඔහුට මග පෙන්වා තෝ මේ කොන්තිය කෙරෙහි නොසැලකිලිමත් නොවේ, ඇගේ ඇඳුම ලදහොත් ඈ අහසට නැගී යන්නීය '' යි කීය. ඒ කීම පිළිගත් වනචරකයා මගට බැස යන්නේ නගරයට පැමිණෙන තෙක්ම පොෂ්ටීය රැකගෙන ගියේය. එහි අඹුසැමි වශයෙන් විසූ ඔවුන්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ. එයින් වැඩිමහල්ලාගේ නම මහාතිස්සය. බාලයාගේ නම චුල්ල තිස්සය. කලක් ඇවෑමෙන් ඒ වනචරකයා නැවත වනයෙහි ඇවිදීමට ගියේය. මේ අතරේදී ඒ නගරයෙහි උත්සවයක් පවත්වන බැවින් හැමදෙන ශක්ති පමණින් තම තමන් සරසා ගත යුතු යයි නියමයක් ප්‍රකාශ කරන ලදී. එයසා කිඳුරිය ස්වාමියා අමතා 'මාගේ පොත්ථිය දෙනු මැනවි. දරුවන් රැකගනුව, මම අද යන්නෙමි '' යි කීය. "තමා කුස උපන් දරුවන් හැර දමා කෙසේ යන්නෙහිදැ' යි කියා හෙතෙම පොත්ථිය දුන්නේය. ඕ පොත්ථිය ලබාගෙන ස්වකීය කිඳුරු සමාජය වෙත ගියාය.

ඇගේ පුත්‍රයෝ දෙදෙන පියාගේ නිවසෙහි විසූහ. එක් රහත් තෙරනමක් පිඬු පිණිස හැසිරෙන්නේ " මේ ළමයි කාගේද මොවුන්ගේ මවුපියෝ කොහිදැ " යි ආත්තාගෙන් විචාළේය. ඕ තොමෝ තොරතුරු ඇති සැටියෙන් කීය. තෙරනම ඔවුන්ගේ උපනිශ්‍රය සම්පත් දැක මැහැල්ලියගෙන් අවසර ගෙන ඔවුන් පැවිදි කරවීය. ඔවුහු නොබෝ කලකින්ම රහත් බවෙහි පිහිටියාහ. එයින් එක් නමක් පිරිනිවියේය. ඒ කෙසේද? මේ සොහොයුරු තෙර දෙනම පාටලී පුත්‍රයෙහි විසූහ. මෙසේ වසන ඒ දෙනම අතරෙන් මහාතිස්ස තෙරුන්ගේ කුසෙහි වාතාබාධයක් හටගත්තේය. හෙතෙම බාල තෙරුන් අමතා ඇවැත්නි, මාගේ භුසෙහි වාතාබාධයක් ඇත.ඉඳින් ගිතෙල් පතක් ලැබෙන්නේ නම් ඒ වේදනාව සංසිඳෙන්නේය. සිරිත් වශයෙන් භික්ෂාවෙහි සිරෙන විට තෙල් ලැබෙන්නේ නම් එය මා වෙත කෙනෙව, අන් ආකාරයකින් හෙවත් ලකුණු දැක්වීම, කටින් සීම, වඩා පිටින් කීම ආදියෙන් ලැබුනොත් එය දුර කරව" යි කීය.

බාල තෙරනම ඒ කිසේ තෙල් ලැබීම සඳහා යොදුනක් දිග පළලැති පැළලුප් නුවර ඇවිදිනේ තෙල් නොලැබීය. පසුදා රෝගී තෙරනම අඩුව සුවයක් නොලබන්නේය'' යි කීය. චුල්ලතිස්ස තෙරනම තවත් බොහෝ භිකෂුන් මවා නොයෙක් තැන ඇවිද්දවා එදාත් තෙල් නොලැබී දිනෙන් දින තෙරුන්ගේ රෝගය වැඩුණි. ඖෂධ ප්‍රමාණයද වැඩුණි. බාල තෙරනම මුළු දඹදිව සොළොස් මහජන පදයන්හි ද එක්සියයක් මහා නගරවල ද ද පණස්හයදහසක් නියම්ගම් වලද අනූනව දහසක් වෙළඳ පල වලද සොළොස් කෝටියක් හා පණසක් ගම්වල ද නිර්මිත භික්ෂූන් හසුරුවාත් තෙල් නොලැබී. එවිට මහාතිස්ස තෙරනම බාල තෙරුන් අමතා " දැන් මහ මුහුදේ ජලය තරම් තෙල් ලැබුණත් මාගේ රෝගය නොසන් සිඳින්නේය; මම පිරිනිවෙන්නෙමි; භික්ෂූන් රැස් කරව" යි කීය.

චුල්ලතිස්ස තෙර සංඝයා රැස්කරවීය. එවිට මහා තිස්ස තෙර මෙසේ කීය. මම පංචස්කන්ධභාරය බහා තබමි. සංසාර සාගරයෙන් එතෙරව පිරිනිවෙන්නෙමි. රත්නත්‍රයෙහි හෝ මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි සැකයක් ඇත්නම් මාගෙන් විචාළ මැනවි''. ' අපට රත්නත්‍රයාදියෙහි සැකයක් නැත. එක් කාරණයක් අප ඔබගෙන් විචාරමු; එය අසනු මැනවි. පිරිනිවෙන්නා වූ ඒ තෙරනම කුමක් කියා පිරිනිවියේදැයි රජතුමා විචාරන්නේ නම් අපි ඔහුට කුමක් කියන්නෙමුද " යි භික්ෂූහු විචාළහ. ''ඉඳින් රජතුමා විචාරන්නේ නම් මාගෙන් අසාගෙන රජුට මෙසේ කිව මැනවි: කොන්තිපුත්ත තෙරුන්ගේ කුසෙහි වාතයක් හට ගත්තේය. ඒ වාතය නැසීම පිණිස යොදුනක් පමණ වූ පාටලී පුත්‍රයෙහි හැසිර තෙල් නොලත් බැවින් බොහෝ භික්ෂූන් මවා සොළොස් මහා ජනපදයන්හිද සිය ගණන් නගරයන්හිද සපනස්දහසක් ද නියම්ගම්වල ද අනූනව දහසක් වෙළඳ පලවල දැ සොළොස්කෝටියක් ගම් වලඳ හසුරුවාත් තෙල් ලැබිය නොහැකි විය. ඖෂධ නොලබන්නා ඔහුගේ රෝගය වැඩුණි. ඒ දරුණු ආබාධයෙන් හෙතෙම මළේය '' යි කිය යුතු යයි කියා තෙරනම අහසට නැගී තේජෝ ධාතුවට සමවැදී පිරිනි වියේය.

තෙරුන්ගේ පිරිනිවීම අසා මුළු පැළලුප් නුවර කලබල විය. ක්‍රමයෙන් එය අශෝක මහ රජුට අසන්ට ලැබී රජතුමා විහාරයට ගොස් " තෙරනම කුමක් කියා පිරිනිවියේදැ'' යි භික්ෂූන්ගෙන් විචාළේය. භික්ෂුහු තෙරුන් කී දෙය කීහ. මේ කීම අසා අශෝක රජ ශෝකයට පැමිණියේය. පර්වතයකින් වැටුනාක් මෙන් දුකට පත්ව මෙසේ කීය: අහෝ, බුද්ධශ්‍රාවක තෙමේ අඩු ආශා ඇත්තේය, ලද දෙයින් සතුටු වන්නේය, කෙලෙසුන් මඩින්නේය. හෙතෙම ජීවිතය පරිත්‍යාග කරමිනුත් චාරිත්‍ර ශීලය අත් නොහැරියේය. මෙසේ අල්පේච්ඡ සන්තුෂ්ට වූ ශීල - ධූත දෙක්හි ඇලුණු බුද්ධ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් සසරින් එතෙරට ගියාහුය.

සසරින් එතෙර වූ ඒ ක්ෂීණාශ්‍රවයෝ බුද්ධානු ශාසනය ප්‍රකාශ කොට පිරිනිවියාහුය. රජතුමා තෙරවරුන්ගේ නෑ කෙනෙක් ඇත් දැයි මිනිසුන්ගෙන් විචාළේ ය. ඒ කාලයේ දී තෙරුන්ගේ පියා වූ වනචරකයා ඇවිත් සිටියේය. මිනිස්සු තෙරවරුන්ගේ පියා අසවලාය යි කීහ. රජතෙම ඔහු කැඳවා තෙරවරුන්ගේ මව කොහිදැ යි විචාළේය. හෙතෙම සිදු වූ ප්‍රවෘත්තිය කීය. ඒ කිඳුරියගේ හැරි එම කැමතිදැයි රජතුමා ඇසීය. '' මහරජ, කමැතිවෙමි" යි කී විට අශෝක මහ රජ තමාගේ නම සහිත මුද්‍රිකාව (සීල් එක) අහසට දමා මෙසේ කීය:'' ඉදින් මාගේ පින් බලයක් ඇත්නම් මේ මුද්ද ගොස් ඇගේ ඇඟිල්ලේ වැටී ඇය රැගෙන ඒවා " යි. ඒ තාවමුදිකාව ගොස් කිඳුරියක් මැද නටමින් සිටි තෙරුන්ගේ වචගේ ඇඟිල්ලේ වැටුණි. එය දැක ඕ තොමෝ 'අශෝක මහරජු විසින් එවන ලද දූතයා ප්‍රත්‍යක්ෂ වශයෙන් බලව්. මම එහි යන්නෙමි, ඔබ හැමගෙන් අවසර ගනිමි" යි කියා මරු ගණයා අත්හැර අහසින් අවුත් අශෝක මහ රජු ඉදිරියෙහි "පෙති සිටියාය.

රජතෙම කිඳුරිය දැක පිළිබඳ සිතැති වුවත් තෙරවරුන් කෙරෙහි ගෞරවයෙන් '' ඉදින් තෙරවරුන්ගේ මව නොවූවා නම් මම පින් ලකුණු ඇති ඇය අන්තඃපුරයට ඇතුල් කරවන්නෙමි" යි කියා කිඳුරිය වනචරකයාට දී ගම්වරයක් ද දෙමින් " මෙයින් ජීවත් වෙව, චුල්ල තිස්ස තෙරුන් ද සිහි නැති නොකරව" යි කියා නුවරට ගොස් නුවර දොරටු සතර සමීපයෙහි පොකුණු සතරක් සාරවා බදාම ගාවා තෙල් - මී පැණි - ගිතෙල් - පැණි වලින් ඒවා පුරවා ගම්මිරිස් - තිප්පිලි ආදිය ද ඒ තැන්හි ගබඩා කරවා "යම්කිසි භික්ෂු කෙනෙක් හෝ භික්ෂුණි කෙනෙක් යම් දෙයක් කැමති වෙත් නම් ඒ සියල්ල දෙව් " යයි නියම කොට මිනිසුන් සිටු වීය.