කරකොළ දන්දුන් කථාව

හෙළදිව ගිරිවිජනපදයෙහි භයක් උපන් කල්හි පිරිසිදු ශීලයෙන් යුත් භාවනානුයෝගී වූ ශාන්ත සිත් ඇති භික්‍ෂූහු සත් දෙනෙක් චෛත්‍ය වන්දනාවේ යාමට අදහස් කළහ. එසේ සිතූ ඔවුහු එකඟව පාත්‍ර සිවුරු රැගෙන මහමගට බැස්සාහ. ආහාරයෙන් පීඩිතව යන ඒ භික්ෂූහු දුරදීම කිරි වෙහෙර දුටුවාහ.එය ගමකැයි සිතා " පුණණවෙඩිලු" ගමට පැමිණියහ. එහි පිඬු පිණිස හැසිරෙන ඔවුන්ට එය මිනිසුන් අත්හැර ගිය ගමක් බවත් එකම මහලු දුගී ස්ත්‍රියක් කරකොළ කමින් එහි ජීවත් වන බවත් දකින්ට ලැබුණි.

ඒ භික්ෂූන් ඇය වෙත පැමිණ සිටි විට ඕ තොමෝ ඒ සන්නමට කරකොළ තම්බා දුණි. නැවත තමා සඳහා කරකොළ කඩන්ට ගිය විට පොලගෙක් ඇය දෂ්ට කෙළේය. එයින් මරණයට පත්ඕ තොමෝ දඹදිව පාටලී පුත්‍රයෙහි උපණි. (ඕ සතළිස්කෝටියක් ධනය ඇති සිටුවරයෙකුගේ දුවක්ව ඉපද සුවසේ වැඩුණි.

ඒ භික්ෂූහු ගව් හැටහතරක් ගමන් කොට මැහැල්ලියගේ කරකොළ අනුභව කළහා නැවත සූසැට ගව්වක් ගමන් කොට මාගම දී දන් වැළඳූහ. එතැනින් විසි අට ගව්වක් ගොස් නැව් තොටෙහිදී අනුභව කළහ. මෙසේ යම්තම් ආහාරයකින් යැපෙමින් ගොස් නැව් නැග මූදෙන් එතෙරට ගියහ.ඉක්බිති ක්‍රමයෙන් ගම් නියම්ගම් පසු කරමින් ගොස් අවුරුදු දහසයක් ගත වූ පසු පැළලුප් නුවරට පැමිණියහ. එහි පැමිණි ඔවුහු පෙරවරු කාලයෙහි සිවුරු පොරවා පාත්‍ර අත්වලින් ගෙන වීථියට බැස්සාහ.

ඒ අවස්ථාවෙහි රූප සම්පන්න වූ යථෝක්ත සිටු දුව උඩුමහලට නැගී කවුළුව විවෘත කොට වීථිය දෙස බැලීය. එසේ බැලූ සිටු දුවට ප්‍රියශීලී දක්ෂිණාර්හ වූ භික්ෂූන් දකින්ට ලැබී ජාතිස්මරණ ඥානය (පෙර භවය දැනීම ) ඇති විය. පෙර තමා කරකොළ දන් දාසියක් අමතා දුන්නේ මේ භික්ෂූන්ට යයි දැනගත් ඕ තොමෝ මේ භික්ෂුන් මේ ගෙට කැඳවාගෙන එව '' යි කීය.

ඒ දාසිය වහා ගොස් භික්ෂූන්ට ගෞරව දක්වා '' ස්වාමිනි. මේ සිටාණන්ගේ දියණිය ඔබවහන්සේට මේ ගෙට වඩින සේ ආරාධනා කෙරේ' යයි කීය.එවිට ඒ භික්ෂූහු සොඳුර, අපි ආගන්තුකයෝ වෙමු මේ නුවරට ආ ප්‍රථම වාරය මෙයයි. අදම මෙහි පැමිණි අප අඳුනන්නෙක් මෙනුවර නැතැ" යි කීය.දාසිය හැරී ගොස් ඔවුන් කී දෙය සිටු දුවට දැන්වීය. එවිට ඕ තොමෝ "මා උන්වහන්සේලා හඳුනන බව කියව" යි කියා දාසිය නැවත පිටත් කළාය.ස්වාමිනියගේ කීම ඇසූ ඒසීහළවත්ථුවේ අනුවාදය

දාසිය නැවත භික්ෂූන් වෙත ගොස් මෙසේ කීය: ස්වාමිවරුනි, ඔබ වහන්සේ නොදන්නා නමුත් සිටුදුව ඔබ හොඳින් හඳුනයි. එබැවින් ඈට අනුකම්පා පිණිස ඒ ගෙට වඩිනු මැනවැ '' යි. ඒ භික්ෂූහු ආරාධනාව පිළිගෙන ඒ ගෙට ඇතුල්ව ආසනවල හිඳ ගත්හ.

ප්‍රණීත ආහාර වළඳවා පාත්‍ර සේදූ පසු සිටුදුව මෙසේ කී: ස්වාමිවරුනි, ඔබ වහන්සේ බොහෝ දුර සිට පැමිණියාහ. අතර මගදී දුකට පත් නොවූවාහු ද? ලංකා ද්වීපයෙහි බුදු සසුන බැබළෙමින් පවත්නේද? '' ඔබ උත්පත්තියෙන් තරුණය, බොහෝ දුර තිබෙන රටක ප්‍රවෘත්ති විචාරන්නෙහි. අප ද හොඳින් දනී.

මේ කරුණු අපට විස්තර කොට කිව මැනවැ " යි භික්ෂූහු කීහ. '' ස්වාමිනි, මින් පෙර ආත්මයෙහි මම වේසීගම (?) විසුවෙමි. කරකොළ තම්බා ඔබට දන් දුනිමි.ඔබ වහන්සේට කරකොළ දී නැවත කොළ කඩන්ට ගිය මම සර්පයෙකු විසින් දෂ්ට කරන ලද බැවින් එයින් චුතව මේ සිටු කුලයෙහි ඉපද හැම සම්පත්තියෙන් යුකතව වැඩෙමි. ලුණු නැති, තෙලෙන් බැඳීමක් නැති කර කොළ, දන් පිළිගැනීමට යෝග්‍ය තැන්හි දි මම මේ සැපතට පත් වීමි; මට කිසිවකින් අඩුවක් නැත. මෙසේ දක්ෂිණර්භයන් කෙරෙහි දෙන ලද ස්වල්ප වූ දානයත් සාරවත් කුඹුරක වැපුරු ධාන්‍ය මෙන් මහත් ඵල උපදවයි.

ඕ තොමෝ ඒ භික්ෂූන්ගෙන් එක් එක් නමට නැළි හතරක් පමණ වූ රන්මල් ද සුවඳ සුණු විලවුන් සාදිලිංගම් සුවඳ දුකුඩු පහන් තෙල් ආදිය ද බෝධි පූජාව සඳහා දුණි. ගැල්වල පිර වූ මාර්ගොපකරණ ද මිනිසුන් සමග යැවී. මහ බෝ වැඳ හැරී ආ ඒ භික්ෂූන්ට ජීවිතාන්තය දක්වා උපස්ථාන කළාය. ඒ සන්නමද රහත් බවට පැමිණ එහිදීම පිරිනිවියහ. සිටු දුවණියත් ජීවිතාන්තය දක්වා කුසල් කොට දෙව්ලොව උපණි.