ගොන් ප්‍රේතයාගේ කථාව
(මෙසේ අසන්ට ලැබේ ) තාම්රපර්ණීද්වීපයෙහි රම්‍ය දනව්වක පිහිටි මාමවනද්දි ගමෙහි ගඟ සමීපයෙහි විහාරයක් විය. ඒ වෙහෙරෙහි එක්තරා පිණ්ඩපාතික වූ රහත් තෙර නමක් ගමට පිඬු පිණිස ඇතුල් වී (මල පහරනු කැමතිව කැලයට ගොස්) පඳුරු අතරේ සිටි ගොනෙකු දැක සමීපයට ගොස් පඳුරු අතරට වී බෙහෝ කලක් සිටියා සේ පෙනේ; පාසතර නොසොල් වන්නෙහි, ගොනෙක් මෙන් පෙනේ යයි කීය.
ප්‍රේතයා ස්වාමීනි, මම දුගතියට පත් යමලොවට අයත් ප්‍රේතයෙක්මි, ගොනෙක් වී බොහෝ කලක් මෙහි සිටියෙමි යි කීය.යම් පවක හේතුවෙන් ගොනෙක් වී තෝ මෙහි බොහෝ කලක් සිටියෙහි නම් ඒ කවර පාපයක් දැයි කියනු මැනවැයි තෙරනම කීය. ප්‍රේතයා මෙසේ කීය: පෙර මම මෙගම්හි ගම්වැස්සෙක් වීමි. මම අනුරාධපුරයෙහි කඩු මිටි ආදිය සෑදුවෙමි.ඒ කාලයේදී ලෝකනායක වූ කාශ්‍යප බුදුරද උපන්නේය.
ඒ බුදුන්ගේ ධර්මය මේ ද්වීපයෙහි ද බැබළුණි.මෙහි බුද්ධ ශ්‍රාවකයෝද විසූහ. ගම් වැසියෝ ඒ බුද්ධශ්‍රාවකයන්ට දන් වැළඳීම සඳහා ආසන ශාලාවක් සෑදවූහ.මම ඒ ශාලාව අවට (එයට හැපෙන සේ) ධාන්‍ය ඇතුරුවෙමි. ඒ බීජයෝ සත් දිනක් තුළදී පැලවූහ. ඒ බීජයන් දැක භික්ෂූහු එහි ඇතුල් නොවූහ. සත් දින ඉකුත් වූ පසු මම ඒවා ගෙන ගොස් මාගේ කුඹුරු වල වැපුරුවෙමි.
එකල්හි මම ගමේ නපුරු මිනිසෙක් වී භික්ෂුන්ට අපහාස කරමින් අසුන් හල අවුරා ඔවුන්ට අපහසුවක් කෙළෙමි. මේ ක්‍රියාව කොට කලුරිය කළ මම ගොන් ප්‍රේතයෙක් වී මේ දුක් ලබමි.සිල්වතුන්ට අපහසුවක් කළ බැවින් මට රෑ දාවල් දෙක්හිම පහසුවක් නැත.කාශ්යපැගෞතම යන බුදුවරුන් දෙනමගේ කාලය අතරෙහි මේ පොළොව සත්ගව්වක් වැඩුනි.සිටගෙන දුක් විඳින්නා වූ මට ඉක්මගිය කාලය අවුරුදු ගණනින් කිය නොහැක.මට කෑමක් බීමක් නැත; ඇවිදීමක් හෝ නිදීමක් නැත, පා සෙලවිය නොහැක.
දැන් අවීචියට ගොස් අවශේෂ කර්මයාගේ විපාක වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට ගියේය. ගුනාධිකයන් කෙරෙහි අපරාධ කිරීම මෙසේ දොස් එළවන්නේ වේ. ගුණවතුන්ට ගෞරව කිරීම එසේම යහපත එළවන්නේ වේ. දුකින් වැඩුණු මා දුටු ඔබ වහන්සේ සත්පුරුෂයන්ට බාධා කිරීමේ විපාකය මිනිසුන්ට කිව මැනවි.මණ්ඩපයක හෝ ගසක් මුල හෝ ශාලාවක හෝ නිදන ගෙයක හෝ සාධුන්ගේ වාසයට පීඩාවක් නොකළ යුතුය.එසේ බාධා කරන්නා ප්‍රේත භවයෙහි ඉපිද මා මෙන් දුක් විඳින්නේය.සංඝයාට සැප පහසු ඇති කොට සුගතියෙහි සැප ලබා ධර්ම ප්‍රීති ඇති භික්ෂුවගේ දුක් නැසීම සිදු වේ.
මෙසේ ඒ ප්‍රේතයා තමා කළ කර්මය තෙරුන්ට කියා සත් දිනකින් පසු ව්‍යුත වී අවීචියට ගියේය.