පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව
" පින් තියෙන අය බණ ඇහුවොත් අවබෝධ කරනවා”
පින්වතුනේ, පින්වත් දරුවනේ, කලින් කථාවේ විස්තරය ඔබට මතකද ? බණ අහන්න ආපු අය එක එක විදිහට වෙනස් වෙලා ගියා. නමුත් මේ කථාව ඊට වෙනස්. සසරේ පින් තිබුණු පිරිසක් ගෞතම බුදු සසුනට ඇතුළු වුනා. ඔවුන් සතුටින් පිළිවෙත් පිරුවා. ගුණදම් රැක්කා. දහමේ හැසිරුනා.
ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලා වස් කාලයේ හුදෙකලාව ගත කළා. වස්සානයෙන් පස්සේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට කැමැත්තක් ඇතිවුණා. ඉතින් ඔවුන් පිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට පැමිණුනා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔවුන් සියලු දෙනාගේ සිත්වල ධර්මාවබෝධයට ඇති හැකියාව බුදුරජුන් විසින් විමසා බැලුවා. ඔවුන්ගේ ධර්මාවබෝධය මුහුකුරා යන ආකාරයෙන් මේ ගාථාවන් වදාළා.
කණ්හං ධම්මං විප්පහාය සුත්තං
භාවේථ පණ්ඩිතෝ ඕකා නෝකං
ආගම්ම විවේකේ යත්ථ දූරමං
නුවණැති කෙනා හැම විට දුරු කළ යුතුය අකුසල් වැඩිය යුතුමය
ඔහු නිති සැප සදා දෙන කුසල් නියේ තණ්හාවෙන් නිවන
වෙත පැමිණීමෙන් ලෝ සතුන් එහි නොඇලෙන යම් අමා නිවනක් වෙද
තත්රාභිරතිමිච්ඡෙය්ය හිත්වා කාමේ අකිඤ්චනෝ
පරියෝදපය්යෙ අත්තානං චිත්තලේ සේස්හි පණ්ඩිතෝ
ඔහුගෙ හිත නම් ඇලෙයි නිවනට කාම කිසිවක් ඇලුම්
නොකරන නුවණැති කෙනා මෙය දැන සේදිය යුතුය මේ සිත
සිතේ ඇතිවෙන සියලු කෙලෙසුන් දුරු කොට හැම විටම
යේසං සම්බෝධි අංගේසු සම්මා
චිත්තං සුභාවිතං ආදාන පටිනිස්සග්ගේ -
අනුපාදාය යේ රතා මත්තෝ තේ
ලෝකේ පරිනිබ්බුතා . ඛීණාසවා ජුති
නිවන වෙත යන දහමේ වැඩෙයි නම් මනාකොට
යම් කෙනෙකුගේ සිත කෙලෙසුන් බැහැර කොට නිවනට ඇලුම් කොට
හොඳින් එහි පිහිටා සිතනුවණින් බබලනා ඒ නිකෙලෙස් මුනිවරුන් වෙත් නම්
ඔවුන් මේ හැම ලෝකයෙන් මිදී පිරිනිවී යති
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා පන්සිය නම මේ උතුම් ධර්මය මොන තරම් අගේට තේරුම් ගන්න ඇද්ද? උන්වහන්සේලාගේ පැවිදි ජීවිතය හිස් වුණේ නෑ. කලණ මිතුරු ඇසුර හිස් වුණේ නෑ. ශාස්තෘ ශාසනයෙන් පල නෙලා ගත්තා. බුදුරජුන්ගේ ඒ උතුම් බණ පද අසා අවබෝධ කරගත් උතුමන් ගැනත් සිත පහදවා ගන්න ඕන. ඒ වගේම ඒ අවබෝධය ඇති කරදෙන උතුම් ධර්මය ගැනත් සිත පහදවා ගන්න ඕන. ඒ චිත්ත ප්රසාදයමයි අප ඇති කරගත යුත්තේ.