ගන්ධාර සොරාගේ කථාව

ගන්ධාර රට එක් වන රොදක පර්වත ගුහාවක් ආශ්‍රය කොට සමාධි ධ්‍යානයන්හි ඇලුණු ෂඩභිඥා ලැබූ මහත් සෘද්ධ්‍යනුභාව ඇති භික්ෂුනමක් වසයි. හෙතෙම පෙරවරු කාලයෙහි හැඳගෙන පාත්‍ර සිවුරු රැගෙන පිඬු පිණිස හැසුරුණි. එක් සොරෙක් ඒ භික්ෂු නම දැක පසු පස්සේ යමින් මෙසේ සිතී.

'' ඉදින් මේ භික්ෂුනම මට නොදී අනුභව කරන්නේ නම් මේ තියුණු ශාස්ත්‍රයෙන් ඔහුගේ කුස පළන්නෙමි " යි.භික්ෂුනම ලෙණට අවුත් අස්නෙහි හිඳගෙන අනුභව කරන්නෙමියි සිතූ කෙණෙහි එන්නා වූ සොරා දැක්කේය. සොරාගේ අදහස් දැනගත් භික්ෂු නම ඔහුට අනුකම්පාවෙන් මෙසේ සිතී.

ඉදින් මේ නපුරු සොරා මා වැන්නකු මරන්නේ නම් බොහෝ පව් රැස්කොට නරකයට යන්නේය. මම මේ සියල්ල එකට අනා මොහුට දෙන්නෙමි. හෙතෙම සැපසේ අනුභව කෙරේවා යි.

හෙතෙම මෙසේ සිතා ඒ මිනිසා කැඳවා බත් අනා පාත්‍රය සමගම ඔහුට දුණි. ඒ ආහාරය අතට ගත් සොරා මෘදු සිතැතිව එය දෙකොටසක් කොට එක් භාගයක් තෙරුන්ට දී එක් භාගයක් තෙමේ අනුභව කොට සතුටු සිතැතිව දුන්න හා හියවුරු.ඊකල දමන පසුම්බිය රැගෙන තමා කැමති තැනකට ගියේය. ඉක්බිති සොරා ගොස් සතුටු සිතැතිව තමාගේ බිරියට මේ කරුණ කීය.

පසුකලක ඔහු මරණාසන්න වූ විට ඔහු නරකයෙහි උපදිත ලකුණු පහළ වූහ. '' ඉතා රතු පැහැති ගිනි දැල් මා ඉදිරියෙහි පෙනෙත් එබැවින් මම නරකයෙහි උපදින්නෙමි, මා විසින් බොහෝ පව්කම් කොට ජීවිකාව කරන ලදි. එබැවින් නරක දුක් විඳිය යුතුමය. මට මෙහි සැකයක් නැතැ " යි හෙතෙම කීය.

ඔහුගේ ඒ කීම අසා බිරිය මෙසේ කීය ස්වාමීනි, භය නොවේව ඔබට සුගතියට යා හැක.' "මා වැනි නිතර දරුනු ක්‍රියාකළ අයෙකුට සුගතියක් කොයින්ද? දුගතියටම යා යුතුය. පව්වල විපාකය මෙ වැනිය " යි සොරා කීය. " වනයෙහි වසන සිල්වත් භික්ෂු නමකට ඔබ විසින් අඩ දනක් දෙන ලදී. දැන් එය සිහි කළ මැනවැ " යි බිරිය කීය. හෙතෙම යහපතැයි කියා ඒ ස්ත්‍රිය කීසේ ඒ දානය සිහිපත් කර ගත්තේය. තෙරුන් දුන් දෙයම ආපසු තෙරුන්ට දීමෙන් මේ පුද්ගලයා අපාය ජින හැරපියා සුගතියට ගියේය.

මෙතැන්හි අඩුවක් පෙනේ.

එබැවින් තාදී ගුණ ඇති දක්ෂිර්භයන් කෙරෙහි ස්වල්ප දෙයක් වුවත් දියයුතුය. සුගතියට යාම සඳහා දන් දීම වැනි අන්‍ය ඥානයක් නැත්තේය.හැම කල්හි දානශීලයන්හි ඇලුනාහු, භාවනාවෙහි යෙදුනාහු වෙත්වා සොර තෙමේ ඒ සිත පහදා ගැනීමෙන් එයින් චුතව දෙව්ලොව උපන්නේය.